සයිබර් අවකාශය පිළිබඳ දැනුවත් කිරීමේ විශේෂ වැඩසටහන

මධ්‍යම පළාත් ව්‍යවසායක මණ්ඩලයේ සංවිධානයෙන් තොරතුරු තාක්ෂණ නීතිය පිළිබඳ ආචාර්ය, ජ්‍යේෂ්ඨ නීතිඥ සුනිල් අබේරත්න මහතා සහ නීතිඥ ප්‍රදීපා ගනේආරච්චි මහත්මියගේ ප්‍රධානත්වයෙන් පවත්වන ලද සයිබර් අවකාශය පිළිබඳ දැනුවත් කිරීමේ විශේෂ වැඩසටහන පසුගියදා (21) සම්පත් මැදුරේ දී ඉතාමත් සාර්ථකව පැවැත්වුණි.

මේ සදහා අප සංගමයේ ගරු සභාපතිතුමන්, ගරු ලේකම්තුමන් ඇතුළු අධ්‍යක්ෂ මහත්වරුන් ද, අපගේ ආරාධනය පරිදි මධ්‍යම පළාත් ආණ්ඩුකාර කාර්‍යාලය, මධ්‍යම පළාත් පොලිස් දෙපාර්තමේන්තුව, මහනුවර මහ නගර සභාව, මධ්‍යම පළාත් සභාව යන රාජ්‍ය ආයතනයන්හි ප්‍රධාන නිළදාරී මහත්ම මහත්මීන් ද සහභාගී විය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *