2026/09/07 වෙනි දින අප මධ්‍යම පළාත් ව්‍යවසායක මණ්ඩලය, ගාල්ල, මාතර, හම්බන්තොට, අනුරාධපුරය, සබරගමුව, මොණරාගල යන දිස්ත්‍රික් වාණිජ මණ්ඩල ඒකාබද්ධව කම්කරු අමාත්‍ය හා මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය ගරු ආචාර්ය අනිල් ජයන්ත අමාත්‍යතුමා, ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය ගරු නිශාන්ත ජයවීර අමාත්‍යතුමා, මුදල් අමාත්‍යාංශයේ නිළධාරී මණ්ඩලය, දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ නිළධාරී මණ්ඩලය, සමඟ අප මධ්‍යම පළාත් ව්‍යවසායක මණ්ඩලය විසින් ඉදිරිපත් කරන ලද VAT සම්බන්ධ යෝජනාවලිය පිළිබඳව දීර්ඝ සාකච්ඡාවක් පවත්වන ලදී. මෙම සාකච්ඡාව සදහා මධ්‍යම පළාත් ව්‍යවසායක මණ්ඩලය නියෝජනය කරමින් ගරු සභාපති යසස් චන්ද්‍රසේකර මහතා සම්බන්ධ විය.
එහිදී ඉදිරියේදී එම යෝජනාවලට රජයේ එකගත්වය ලබාදීමට කටයුතු කල යුතු බව පිළිගන්නා නමුත්, මේ පිළිබඳව තවදුරටත් ඉදිරියේදී සාකච්ඡා කරමුයැයි සදහන් කරන ලදී.







