කම්කරු අමාත්‍ය හා මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය ගරු ආචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු මැතිතුමා සමග පැවැත්වූ විශේෂ සාකච්ඡාව

2026/02/08 වෙනි ඉරු දින කම්කරු අමාත්‍ය හා මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය ගරු ආචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු මැතිතුමා සමග අප මධ්‍යම පළාත් ව්‍යවසායක මණ්ඩලයේ ගරු සභාපතිතුමා ඇතුළු විධායක අධ්‍යක්ෂ මණ්ඩලය සහ මහනුවර සිංහල වෙළඳ පෙරමුණේ ගරු සභාපතිතුමා ඇතුළු විධායක අධ්‍යක්ෂ මණ්ඩලයේ ප්‍රධාන නිළධාරී මහත්වරුන් විශේෂ සාකච්ඡාවක් පවත්වන ලදී. මේ සදහා පර්ලිමේන්තු මන්ත්‍රී ජගත් මනුවර්ණ මැතිතුමාද, පාර්ලිමේන්තු මන්ත්‍රී තනුර දිසානායක මැතිතුමාද, මහනුවර ගරු නගරාධිපතිතුමන්ද, සහභාගී විය.

එහිදී රජයේ ආදායම අහිමි කර නොගනිමින් වක්‍ර බදු ප්‍රතිපත්තිය වෙනස් විය යුතු ආකාරය සම්බන්ධයෙන් ඉදිරිපත් කරනු ලබන සාධනීය යෝජනා ඇතුළත් යෝජනාවලියක් ගරු අමාත්‍යතුමා වෙත අප විසින් ඉදිරිපත් කරන ලදී. එහිදී අප ඉදිරිපත් කළ ගැටලු සදහා සාධාරණ විසදුමක් ලබා දෙන බවට එතුමා සදහන් කරන ලදී.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *