මධ්‍යම පළාත් අභිනව ගරු ආණ්ඩුකාරවර විශේෂඥ වෛද්‍ය සුරංග ප්‍රනාන්දු මහතා සමග පවත්වන ලද සුහද සාකච්ඡාව

2026/08/17 වෙනි දින මධ්‍යම පළාත් අභිනව ගරු ආණ්ඩුකාරවර විශේෂඥ වෛද්‍ය සුරංග ප්‍රනාන්දු මහතා සමග අප මධ්‍යම පළාත් ව්‍යවසායක මණ්ඩලයේ ගරු සභාපතිතුමා ඇතුළු විධායක අධ්‍යක්ෂ මණ්ඩලය විසින් මධ්‍යම පළාත් ආණ්ඩුකාර කාර්‍යාලයේදී සුහද සාකච්ඡාවක් පවත්වන ලදී. මේ අවස්ථාවට මහනුවර සිංහල වෙළඳ පෙරමුණේ ගරු සභාපතිතුමන් සහ ගරු භාණ්ඩාගාරිකතුමන්ද, සහභාගී විය.

මෙම අවස්ථාවේදී මධ්‍යම පළාතේ සංවර්ධන කටයුතු සම්බන්ධව පවතින ගැටලු, ව්‍යාපාරික ප්‍රජාව මුහුණ දෙන ගැටලු සහ ඒ සදහා ඉදිරිපත් කරන විසදුම් යෝජනාවලියක් වාණිජ මණ්ඩලය විසින් ගරු ආණ්ඩුකාරතුමන් වෙත ඉදිරිපත් කරන ලද අතර, ඒ පිළිබඳවද සාකච්ඡා කරන ලදී.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *