2026/07/16 වෙනි දින ගරු අමාත්‍ය කේ.ඩී. ලාල් කාන්ත මැතිතුමා සමග මධ්‍යම පළාත් ව්‍යවසායක මණ්ඩලය විසින් පවත්වන ලද විශේෂ සාකච්ඡාව..

2026/07/16 වෙනි දින මහනුවර සිංහල වෙළඳ පෙරමුණේ සාකච්ඡා කාමරයේ දී කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් හා වාරිමාර්ග ගරු අමාත්‍ය කේ.ඩී. ලාල් කාන්ත මැතිතුමා සමග අප මධ්‍යම පළාත් ව්‍යවසායක මණ්ඩලයේ ගරු සභාපතිතුමා ඇතුළු විධායක අධ්‍යක්ෂ මණ්ඩලය විසින් විශේෂ සාකච්ඡාවක් පවත්වන ලදී.

එහිදී නුවරඑළිය දිස්ත්‍රික්කයේ කෘෂිකර්මාන්තයේ යෙදෙන ව්‍යාපාරික ප්‍රජාව මුහුණ දෙන ගැටලු සහ ඒ සදහා සාධාරණ විසදුම් යෝජනා වෙන් වෙන් වශයෙන් පැහැදිලිව ගරු අමාත්‍යතුමා වෙත ඉදිරිපත් කරන ලදී. මේ පිළිබඳව විශේෂ අවධානය යොමු කර කඩිනම් සාධාරණ විසදුම් ලබා දීමට කටයුතු කරන බව එතුමා සදහන් කරන ලද අතර, එහි ප්‍රගතිය පිළිබඳව නැවත සාකච්ඡාවක් ඉදිරියේදී සිදු කිරීමටද කටයුතු කරන බව දන්වා සිටින ලදී.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *