මධ්‍යම පරිසර අධිකාරිය මගින් පවත්වනු ලැබූ විශේෂ දේශනය

අප මධ්‍යම පළාත් ව්‍යවසායක මණ්ඩලයේ සංවිධානයෙන් 2026/09/11 වෙනි දින මධ්‍යම පරිසර අධිකාරිය මගින් මහනුවර නගරයේ ව්‍යාපාරික ප්‍රජාව මුල් කර ගනිමින් හෝටල් ක්ෂේත්‍රයට අදාල Lunch sheets, Polythene, Straws භාවිතය පිළිබඳව, වතුර භාවිතය පිළිබඳව පිළිපැදිය යුතු නීති, ව්‍යාපාර වලට අදාළ පරිසර නීති, විකිණීමට තහනම් කර ඇති හෝ සීමා පනවා ඇති භාණ්ඩ පිළිබඳව ව්‍යාපාරිකයින්ට සහ කර්මාන්ත කරුවන්ට අදාළ පාරිසරික නීති රීති පිළිබඳව දැනුවත් කිරීමේ වැඩසටහනක් සම්පත් මැදුරේ දී ඉතාමත් සාර්ථකව පැවැත්විය.

මේ සදහා සීමාසහිත මහනුවර සිංහල වෙළඳ පෙරමුණේ, මහනුවර ද්‍රවිඩ වෙළඳ සංගමයේ සහ මහනුවර මුස්ලිම් වෙළඳ සංගමයේ සාමාජික මහත්වරුන් සම්බන්ධ විය.

එහිදී ජාතික පාරිසරික පනතට අනුව පනවා ඇති තහනම් ප්ලාස්ටික් පිළිබඳ නීති රෙගුලාසි ගැන විශේෂ පැහැදිලි කිරීමක් සිදු කරන ලදී. ඉන් මයික්‍රෝන 20ට අඩු – පොලිතීන් නිෂ්පාදනය භාවිතය සහ විකිණීම, පොලිතීන් ලන්ච් ෂීට්, HDPE පොලිතීන් බෑග් – භාවිතය, විකිණීම හා නිෂ්පාදනය, තහනම් කර ඇති බව ව්‍යාපාරික ප්‍රජාවගේ නොදැනුවත් බව හේතුවෙන් නීතිමය ගැටලු වලට මුහුණ දීමට සිදුවිය හැකි බව විශේෂයෙන් අවධාරණය කරන ලදී.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *