අප මධ්‍යම පළාත් ව්‍යවසායක මණ්ඩලය ‍සහ Global Hub ආයතනය අතර අවබෝධතා ගිවිසුමක් අත්සන් කිරීම (MOU).

අප මධ්‍යම පළාත් ව්‍යවසායක මණ්ඩලය සහ Global Hub ආයතනය 2025 නොවැම්බර් මස 21වෙනි දින මධ්‍යම පළාත් ව්‍යවසායක මණ්ඩල මූලස්ථානයේ දී අවබෝධතා ගිවිසුමක් (MoU) අත්සන් කරන ලදී. මෙම අවබෝධතා ගිවිසුමට මධ්‍යම පළාත් ව්‍යවසායක මණ්ඩලයේ ගරු සභාපති යසස් චන්ද්‍රසේකර මහතා සහ Global Hub ආයතනයේ ගරු සභාපති එම්.එස්.ඒ. මුනීර් මහතා විසින් නිල වශයෙන් අත්සන් කරන ලදී.

මෙම හවුල්කාරිත්වය මධ්‍යම පළාත පුරා තිරසාර ව්‍යාපාර සංවර්ධනය ශක්තිමත් කිරීම, දැනුම හුවමාරුව ප්‍රවර්ධනය කිරීම සහ ව්‍යවසායක වර්ධනයට සහාය වීම අරමුණු කර ගෙන ආරම්භ කරන ලදී.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *