මධ්‍යම පළාත කේන්ද්‍ර කරගනිමින් පවතින පොදු ගැටලු (සමාජීය/ආර්ථික) ව්‍යාපෘති පිළිබඳව සාකච්ඡා කරමින් අවස්ථානෝචිතව නැගීසිටීමට ඒකාබද්ධ වූ වාණිජ මණ්ඩලයක් ලෙස කටයුතු කිරීමේ මූලික අරමුණ පෙරදැරිව මහනුවර සිංහල වෙළඳ පෙරමුණ, මහනුවර මුස්ලිම් වෙළඳ සංගමය, මහනුවර ද්‍රවිඩ වෙළඳ සංගමය, මාතලේ දිස්ත්‍රික් වාණිජ කර්මාන්ත සහ කෘෂිකර්ම මණ්ඩලය, නුවරඑළිය දිස්ත්‍රික් වාණිජ කර්මාන්ත සහ කෘෂිකර්ම මණ්ඩලය යන ආයතනයන්ගේ එකමුතුවෙන් 2024 මාර්තු මස 04 වෙනි දින මහනුවර සිංහල වෙළඳ පෙරමුණේ සමිති මූලස්ථානයේ දී ආරම්භ කරන ලදී.



















